බොරැල්ල කාසල් රෝහලේදී දින 14 ක් වයසැති බිළිඳියක් මව විසින් ඝාතනය කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ රාත්‍රී කාලයේදී මව දැරියගේ ගෙළ මිරිකා මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
මීට දින කිහිපයකට පමණ පෙර මව කාසල් රෝහලට ඇතුළත් වී ඇත්තේ හදිසියේ හටගත් උණ රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහායි.
අලූත උපන් බිළිඳියක් බැවින් දැරියද ළඟ තබාගනිමිනුයි ඇය ප්‍රතිකාර ලබාගෙන ඇත්තේ. කෙසේ වෙතත් මෙලෙස ප්‍රතිකාර ලබාගන්නා අතරතුර මව විසින් දැරිය ඝාතනය කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් මව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බිළිඳියව මව විසින් ඝාතනය කිරීමට හේතුව දරු ප්‍රසූතියෙන් පසුව ඇති වූ ආතතිය නිසා බව දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා. 34 හැවිරිදි ඇය මාදිවෙල ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.


0 comments