ඉරාක සුරූපිණිය පැහර ගන්නා බවට ISIS කැරළිකරුවන් තර්ජනය කරයි. 1972න් පසු පළමු වරට ඉරාකයේ 'රූ රැජිණ' ලෙස පසුගියදා කිරුළ හිමි කරගත්තේ 20 හැවිරිදි Shaima Qassem Abdulrahman. ඈ විශ්ව විද්‍යාල - ආර්ථික විද්‍යා අංශයේ සිසුවියක්.
සමාජයෙන් එල්ල වී ඇති බලපෑම් හමුවේ කාන්තාවන්ට තම අයිතීන් වෙනුවෙන් හඬ නැගීමට, 'රූ රැජිණ'' කිරුළ යොදා ගන්නා බවයි ඇය පැවසූයේ.
කෙසේ වෙතත් IS සටන්කාමීන් ඇයට දුරකතන ඇමතුමකින් දන්වා ඇත්තේ ඔවුන්ගේ ත්‍රස්ත සංවිධානයට එක්වන ලෙසයි. නායකයා ඇය ලිංගික වහල්කමට ගැනීමට අපේක්ෂා කරන බව ඉන් කියවී තිබේ.
නොඑසේනම් පැහැර ගන්නා බවට ද තර්ජනය කර ඇත.
200කට ආසන්න තරඟ කාරියන් අතුරින් කිරුළ හිමි කරගත් මොහොතේ Shaima Qassem Abdulrahman සඳහන් කළේ ඇයට කිසි බියක් නොදැනෙන බවයි. වැරදි වැඩක් නොකරන නිසා බිය නොදැනෙන බවද ඇය කියා සිටියා.
ඉරාක කාන්තාව යනු පිරිමි පාර්ශවය මෙන්ම සමාජයේ ශක්තිමත් කණ්ඩායමක් බවයි ඇය එහි දී අවධාරණය කළේ.
කෙසේ වෙතත් 'ඉරාක රූ රැජිණ' තරඟය පිළිබඳ එරට ඇතැම් මාධ්‍ය මාස කිහිපයකට පෙර වාර්තා කර තිබුනේ, මෙම තරඟ ඉසව්ව ත්‍රස්තවාදීන්ට මනා රුකුළක් බවටයි.





0 comments